බන්ධනාගාරගත රැඳවියන්ට අමුත්තන් පෙන්වීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක බව වාර්තා වේ.
ඒ රාමසාන් උත්සවය සහ සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බවයි බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී.දිසානායක මහතා පැවසුවේ.
ඒ අනුව ලබන 11,12, සහ 13 යන දිනවල මෙම වැඩසටහන ක්‍රියාත්මක බව ඔහු සඳහන් කළා.
රැඳවියන්ගේ ඥාතින්ට නිවසින් රැගෙන එන ආහාර, රස කැවිලි, සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් අයෙකුට සරිලන ප්‍රමාණයක් පමණක්, පවතින නීතිරීති හා නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ දීමට සියලුම බන්ධනාගාර ආයතන කටයුතු සලසා ඇති බවද සඳහන්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311