මෙරට රිළවුන් චීන සත්වෝද්‍යානවලට ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව ඉදිරි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
ඉන් අනතුරුව ඊට අදාළ කමිටුව කැබිනට් මණ්ඩලය විසින් පත් කරනු ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
ශ්‍රී ලංකාවේ රිළවුන්, චීනයට ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යනයක් කිරීම සඳහා වනජීවී, අධිකරණ, වැවිලි සහ කෘෂිකර්ම යන අමාත්‍යාංශ 4ක නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් රජය විසින් පත් කර තිබුණා.
චීන නියෝජිත පිරිසක් මෙරට රිලවුන් චීන සත්වෝද්‍යාන වෙත ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමකට අනුවයි ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ.
මෙහි පළමු පියවර ලෙස රිළවුන් ලක්ෂයක් චීනයට යැවීමට අපේක්ෂාවෙන් ඉදිරි කටයුතු සිදුකරන බවයි අමාත්‍යාංශයේ පසුගියදා පැවැති සාකච්ඡාවකදී අනාවරණය වුණේ.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් මතුවූ අතර පරිසරවේදීන් චෝදනා කළේ එය සිදුවන ආකාරය සම්බන්ධයෙන් තවමත් නිසි පැහැදිලි කිරීමක් සිදුකර නොමැති බවයි.
ඒ අනුව මෙරට රිළවුන් චීනයට අපනයනය කිරීමට පෙර විධිමත් සමීක්ෂණයක් සිදුකළ යුතු බවටයි පරිසරවේදීන් පෙන්වා දුන්නේ.
උණුසුම් පුවත්
- පොසොන් වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර
- මාතර බන්ධනාගාරයට ළඟදීම ස්ථාන මාරුවක්
- ඉදිරි පැය 36 වැස්ස වැඩිවීම ගැන අනාවැකියක්
- තරුණියන්ට උසුළුවිසුළු කළ තරුණයන් දෙදෙනාට සුපිරි සංග්‍රහයක්
- 5000ක අල්ලසක් ගත් අධිකරණ නිලධාරියා මාට්ටුයි
- ප්රභාගේ අවි ගැන අර්චුනාගේ ප්‍රකාශයට ආරක්ෂක ලේකම්ගෙන් පිළිතුරු
- පොලිසියට සද්දෙයක් දැමූ රූපලාවන්‍ය ශිල්පිනිය කූඩුවට
- මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමිට අලුත් තනතුරක්