මෙරට රිළවුන් චීන සත්වෝද්‍යානවලට ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව ඉදිරි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
ඉන් අනතුරුව ඊට අදාළ කමිටුව කැබිනට් මණ්ඩලය විසින් පත් කරනු ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
ශ්‍රී ලංකාවේ රිළවුන්, චීනයට ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යනයක් කිරීම සඳහා වනජීවී, අධිකරණ, වැවිලි සහ කෘෂිකර්ම යන අමාත්‍යාංශ 4ක නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් රජය විසින් පත් කර තිබුණා.
චීන නියෝජිත පිරිසක් මෙරට රිලවුන් චීන සත්වෝද්‍යාන වෙත ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමකට අනුවයි ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ.
මෙහි පළමු පියවර ලෙස රිළවුන් ලක්ෂයක් චීනයට යැවීමට අපේක්ෂාවෙන් ඉදිරි කටයුතු සිදුකරන බවයි අමාත්‍යාංශයේ පසුගියදා පැවැති සාකච්ඡාවකදී අනාවරණය වුණේ.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් මතුවූ අතර පරිසරවේදීන් චෝදනා කළේ එය සිදුවන ආකාරය සම්බන්ධයෙන් තවමත් නිසි පැහැදිලි කිරීමක් සිදුකර නොමැති බවයි.
ඒ අනුව මෙරට රිළවුන් චීනයට අපනයනය කිරීමට පෙර විධිමත් සමීක්ෂණයක් සිදුකළ යුතු බවටයි පරිසරවේදීන් පෙන්වා දුන්නේ.
උණුසුම් පුවත්
- කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 24,159කට සහන
- “සජිත්ට තියෙන්නේ ළමා මනසක්. සජිත් කවදාවත් විවාදයට එන්නේ නෑ.”-ටිල්වින්
- යල කන්නයේ වී වගා සඳහා මූල්‍යමය සහනාධාරය ලබන සතියේ සිට ගොවි ගිණුම්වලට
- කුමාර ධර්මසේනටත් වැඩ වරදියි? සිවිල් සංගම් මහබැංකුව අසල යකා නටයි (වීඩියෝ)
- ජපාන තානාපතිවරයා සහ විදුලිබල අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්
- 7කට මරු කැඳවූ ෆොක්ස් හිල් අනතුර ගැන අලුත් කතාවක් (වීඩියෝ)
- මාර්තු මාසයේ දී උද්ධමන අනුපාතය 2.5% දක්වා පහළට
- ජනපති සටනට පොහොට්ටුවෙන් සාමාජිකයෙක් ? රනිල් කැපෙයි? (වීඩියෝ)