ලාෆ්ස් ගෑස් මිල ගණන් ඉහළ නොදැමීමට තීරණය කළ බව එම ආයතනයේ සමූහ විධයාක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ පීරිස් මහතා පවසනවා.
ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ලෝක වෙළෙඳ පොලේ ගෑස් මිල ඉහළ යාමට සාපේක්ෂව ගෑස් මිල ඉහළ දැමිය යුතු වුවද ලාෆ්ස් ගෑස් සමාගම නොවැම්බර් මාසයේදීත් පැවැති මිල ගණන් යටතේම ගෑස් අලෙවි කිරීමට තීරණය කළ බවයි.
ඒ අනුව ලාෆ්ස් ගෑස් කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක පෙර පැවැති මිල වන රුපියල් 3985ක මිලටම මෙම මාසයේදීද පාරිභෝගිකයන්ට මිලදී ගැනීමට හැකියාව ඇති අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1595ක් වනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311