ලාෆ්ස් සමාගම ද ගෑස් මිල සංශෝධනය කිරීමට අවධානය යොමුකර තිබෙනවා.අද පෙරවරුවේ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිතය බවයි වාර්තාවන්නේ.
මේ වනවිට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල මේ වනවිට රුපියල් 5080 ක් වනවා.
මේ අතර ලිට්රෝ සමාගමද ඊයේ මධ්‍යම රාත්‍රියේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහල දැමුනා.
ඒ අනූව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 334කින් ඉහළ නංවා තිබෙනවා.
එහි නව මිල වන්නේ රුපියල් 4,743ක්.
මේ අතර, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 134කින් ඉහළ දමා තිබෙනවා.
ඒ අනූව එහි නව මිල රුපියල් 1,904ක්.
කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 61කින් ඉහළ දමා තිබෙනවා.
එහි නව මිල වන්නේ රුපියල් 883ක්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311