බොරැල්ල – කොටා පාරේ පිහිටි පෞද්ගලික රෝහලක සිදුවූ බවට පැවසෙන වකුගඩු ජාවාරමට සම්බන්ධ තැරැව්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු ඩුබායි රාජ්‍ය බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපල වෙත ඊයේ රාත්‍රියේ පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මොහු අදාළ රෝහලේ සේවකයෙකු ලෙස පෙනී සිටිමින් දිළිඳු පවුල්වල පුද්ගලයින් මුලා කර මුදල් ලබාදෙන බව පවසා වකුගඩු ලබාගැනීමට තැරැව්කරුවෙකු ලෙස කටයුතු කර ඇති බව සඳහන්.
ජංගම දුරකථන අමතර උපාංග අලෙවිකරුවෙකු වූ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි සැකකරුට පසුගිය ජනවාරි 17 වනදා අධිකරණය විදේශ ගමන් තහනමක් පනවනු ලැබුවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311