මෙම වසරේ පළමු කාර්තුව තුළ වන සත්ත්ව හානි හේතුවෙන් පොල් ගෙඩි මිලියන 93 ක් විනාශ වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.
එමෙන්ම ආහාර බෝග 28 ක නිෂ්පාදන මෙට්්‍රක් ටොන් එක්ලක්ෂ 44 දහස් 989 ක් ද විනාශ වී ඇති බවටයි හෙක්ටර්කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය විසින් සකස් කර ඇති පර්යේෂණයකින් හෙළිව ඇත්තේ.
මෙලෙස විනාශ වී ඇති ආහාර බෝග නිෂ්පාදන ප්‍රමාණයේ වටිනාකම රුපියල් මිලියන 30 දහස් 215 ක් බව ද සඳහන්.
මේ අනුව වගාවන්ට සිදු වන හානි සහ අලි මිනිස් ගැටුම් වළක්වා ගැනීමට ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග අධ්‍යයනය සඳහා කමිටුවක් පත් කිරීමට ද වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311