සිවිල් නියෝජිතයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත්කිරීමේදී පැහැදිලි එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකිවුවහොත් ජනාධිපතිවරයාට ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවනු ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා .
ඔහු කියා සිටියේ සිවිල් නියෝජිතයන් තිදෙනා සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගැනීමට ලබන 19 වැනිදා නැවතත් රැස්වීමට නියමිත බවයි .
මේ සදහා සිවිල් නියෝජිතයන් තිදෙනා නම් කළ යුත්තේ අග්‍රාමාත්‍යවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ පූර්ණ එකගතාවයෙන් .
පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ විපක්ෂනායකවරයා මේ සදහා යෝජිත නම්වලට එකඟතාව පළ කර නොමැති බවයි .
මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පත්කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් නව ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමද ප්‍රමාදවී තිබෙනවා
මේ අතර ආංශික අධික්ෂණ පාර්ලිමේන්තු කාරක සභා පිහිටුවීමද ප්‍රමාදවී ඇත්තේ විපක්ෂය තම නාම යෝජනා ලබානොදීම හේතුවෙන් බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311