මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ලැබුණු විශාල ආදායමක් වාහන ආනයනය අත්හිටුවා තිබීම හේතුවෙන් අහිමිවී ඇතැයි වර්තා වනවා.
නව වාහන ලියාපදිංචියෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ආදායමෙන් සියයට 50 ක පමණ ආදායමක් හිමිවූ බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සඳහන් කලේ.
මෙම වසරේ සුළු වාහන සංඛ්‍යාවක් අලුතින් ලියාපදිංචි වී ඇති අතර එම වාහනවලින් වැඩි ප්‍රමාණයක් රජයට අයත්.
මෙම වසරේ වාහන පැවරීම්වලින් රුපියල් බිලියන 7 ක පමණ ආදායමක් උපයා ඇති බවත් ඉන් වැඩි ප්‍රමාණයක් යතුරුපැදි සහ ත්‍රීරෝද රථ බවත් ඒ මහතා සඳහන් කළා.
උණුසුම් පුවත්
- පවතින අනපනත් 60 වෙනස් කිරීමට අධිකරණ අමාත්‍යවරයාගේ අවධානය
- ජගත් සංවිධානය ගෙන ආ යෝජනාවක් රුසියාව ප්‍රතික්ෂේප කරයි.
- සිරකරුවන් දෙදෙනෙක් පළා යයි
- විදුලි සැර වැදීමෙන් පාසල් සිසුන් දෙදෙනෙකු රෝහල් ගත කරයි
- දැඩි ආරක්ෂාව යටතේ කිතුණු බැතිමතුන් මහා සිකුරාදා සමරයි (වීඩියෝ)
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන සංචාරකයින් විශේෂ පරීක්ෂාවට ලක්කෙරේ
- “නියත ජයග්‍රහණය ලබන අපේක්ෂකයා රනිල්.” – මනූෂගේ කතාවට කාටත් කට උත්තර නෑ
- “ජනාධිපති ධූරයේ ආයුකාලය දින 194යි.”-ඩලස්