සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන ඉදිරි දින කිහිපය තුළ ආපදා තත්වයක් ඇතිවුවහොත් 117 ක්ෂණික ඇමතුම් අංකයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.
එවැනි අවස්ථාවක දී විභාග අපේක්ෂකයන්ට සිය මධ්‍යස්ථාන වෙත ගමන් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට එම මධ්‍යස්ථානය කටයුතු කරනු ඇති.
පසුගිය සතියේ එවැනි සුළු ආපදා තත්ත්වයන් කිහිපයක් වාර්තා වී තිබූ අතර එම අවස්ථාවන්හිදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ යුද හමුදාව විසින්, සිසුන් මධ්‍යස්ථාන වෙත යොමුකිරීම සදහා අවශ්‍ය පහසුකම් සළසා තිබුණා.
එමෙන්ම මේ දක්වා සාමාන්‍ය පෙළ විභාගය කිසිදු ගැටලුවකින් තොරව සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311