විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද(18) පාර්ලිමේන්තුවේදී කියා සිටියා.
ඒ් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.
පස්වරු 2.30ට පමණ පැවැත්වෙන අදාළ පක්ෂ නායක රැස්වීමේදී මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවක අදාළ කෙටුම්පත විවාදයට ගැනීම සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ විරෝධතාව පළකර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311