වලංගු වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මිරිහාන පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතූරක් මත ඊයේ පස්වරුවේ මෙම වැටලීම සිදු කර ඇති අතර මිරිහාන ගංගොඩවිල ප්‍රදේශයේ නිවසක සිටියදී එම පුද්ගලයා හමු වූ බව සඳහන්.
අදාළ සැකකරු 40 හැවිරිදි නයිජීයානු ජාතිකයෙක් වන අතර ඔහු සතුව තිබී ලැප්ටොප් වර්ගයේ පරිගණකයක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් සැකකරු යම් අපරාධයකට සම්බන්ධ පුද්ගලයෙකු ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
එමෙන්ම ඔහු අද ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311