මෙවර ගොවීන්ගෙන් රුපියල් 100කට වී කිලෝවක් මිලදී ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
උතුරේ සංචාරය කරන අතරතුරයි කිලිනොච්චියේ ගොවීන් වෙත ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ.
ඒ සඳහා මුදල් අමාත්‍යාංශය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රමවේදයක් සකස් කර තිබෙනවා.
මේ අතර ආනයනික අර්තාපල් මත බද්දක් පනවන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
මෙරට අර්තාපල් වගා කරන ගොවීන් රැකගැනීම රජයේ වගකීමක් වන බැවින් ආනයනික අර්තාපල් සඳහා බද්දක් පනවන ලෙස මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට ලිඛිතව දැනුම්දුන්න ද මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ.
හෙට දිනයේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයාට කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කලා.
මේ සමබන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ දිනයේ මාධ්‍ය වෙත අදහස් පල කළා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311