වෘත්තීයවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව අද රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ ඉදිරි වෘත්තිය ක්‍රියාමාර්ග තීරණය කිරීම සදහායි.
එහි සම කැදවුම්කරු මහාචාර්ය සී . ඉලංගසිංහ මහතා සදහන් කළේ දැනට පවතින බදු සංශෝධනයට මාස 6 ක කාලයක් බලා සිටීමට නොහැකි බැවින් කඩිනමින් අන්තර්කාලීන විසදුමක් අපේක්ෂා කරන බවයි.
මේ සම්බන්ධයෙන් ලිඛිතව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කළ බවද වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව පැවසුවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311