බොරැල්ල ප්‍රදේශයේදී වෙඩිවැදීමකින් කාන්තාවක් මියගොස් තිබෙන බව පොලිස් මූලස්ථානය සදහන් කරනවා.
බොරැල්ල සහස්පුර ප්‍රදේශයේ දී ආරක්ෂක අංශ සිදුකළ වැටලීමක් අතරතුර සිදුවූ වෙඩිවැදීමකින් මෙලෙස එම කාන්තාව මියගොස් ඇති බවයි පොලීසිය පැවසූවේ.
අදාළ ප්‍රදේශයේදී සෙබළුන් දෙදෙනෙකු විසින් සැකකරුවෙකු සිය භාරයට ගැනීමට යාමේදී ගිණිඅවිය ක්‍රියාත්මක වී ඇති අතර, එහිදී එම ස්ථානයේ සිටි 25 හැවිරිදි කාන්තාව තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට වූ බවයි පොලීසිය සදහන් කළේ.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් යුධ හමුදා සෙබළුන් දෙදෙනෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් බොරුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311