වෛද්‍ය උපාධිය අවසන් කළ නවක වෛද්‍යවරුන් 406 දෙනෙකු සීමාවාසික පුහුණුව සදහා අනුයුක්ත කර තිබෙනවා.
එම නවක වෛද්‍යවරුන් ලබන 27 වනදාට පෙර දිවයිනේ රෝහල් 63ක් සදහා අනුයුක්ත කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
දැනට රෝහල්වල සේවය කරන සීමාවාසික වෛද්‍යවරුන් 694 දෙනෙකුගේ පුහුණු කාලය ලබන 27 වනදායි අවසන් වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුවයි මෙම නව වෛද්‍යවරුන් ඒ සදහා යොමු කෙරෙන්නේ.
මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ වෛද්‍යවරුන් 30,000ක් පමණ සිටින බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සදහන් කළේ.
කුමන අභියෝගාත්මක තත්ත්වයක් හමුවේ වුවද සෞඛ්‍ය සේවාව කිසිදු ප්‍රමාදයකින් තොරව සිදුකිරීමට අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311