ශ්‍රී ලංකාවේ නව ආයෝජන සිදුකිරීමට චීනය සුදානම් බව චීන තානාපති චී ෂෙන්හොන් පවසනවා.
චීන රජයේ නියෝජිතයින් විශාල පිරිසක් ඒ සදහා ශ්‍රී ලංකාවට පැමිණීමට සුදානමින් සිටින බවයි චීන තානාපතිවරයා සදහන් කළේ.
ලබන මාසයේදී එම චීන නියෝජිත පිරිස දිවයිනට පැමිණෙනු ඇති.
මේ අතර චීනය මගින් පරිත්‍යාග කළ ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත භාරදීම ඊයේ සිදුකෙරුණා.
එම ඖෂධ තොගයේ වටිනාකම රුපියල් මිලියන 04ක් වන අතර මහරගම අපේක්ෂා රෝහලට සහ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලය එම ඖෂධ ලබා දීමට නියමිතයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311