ශ්‍රී ලංකාවේ පාකිස්ථාන නව මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් ෆාහිමුල් අසීස් මහතා පසුගියදා (24) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.
අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් ඔවුන් අතර පැවති සුහද සාකච්ඡාවේදී, දෙරට අතර පවතින ස්ථීර මිත්‍රත්වය තව දුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලදී.
දීර්ඝ කාලයක් පාකිස්ථාන ආරක්ෂක අංශයේ සේවය කළ මහ කොමසාරිස්වරයා තම සේවා කාලය තුළ ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් රැසක්ම දෙරට අතර පැවති පුහුණු සැසිවලදී දැන හඳුනාගැනීමට හැකි වූ බව සිහිපත් කළේය. මේ අතර ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ආගමික සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ කථානායකවරයා, යුධමය වශයෙන් මෙන්ම සංවර්ධන කටයුතුවලදීද පාකිස්ථානය ශ්‍රී ලංකාවට ලබාදෙන සහය පිළිබඳව සිය කෘතඥතාව පළ කළේය. විශේෂයෙන්, ත්‍රස්තවාදීන්ට එරෙහිව යුද්ධය පැවති සමයේදී පාකිස්ථානය විසින් මෙරටට ලබාදුන් සහය පිළිබඳව කථානායකවරයා මෙහිදී සිහිපත් කළේය.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311