ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ තීරණාත්මක තරගයක් අද පැවැත්වෙනවා.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම තරග වැදීමට නියමිතයි.
මෙම තරගය ජය ගන්නා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබනවා.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය අද පස්වරු 03ට ආරම්භ වීමට නියමිතයි.
අද පැවැත්වෙන මෙම තරගයට වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව අවසන් වුවහොත් කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමි වනවා.
ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට ශුද්ධ ලකුණු වේගය අනුව පාකිස්තානයට වඩා ඉදිරියෙන් පසුවන බැවින් ඉන්දියාවට එරෙහිව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමි වනු ඇති.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311