සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 39.4කදී ලකුණු 215කට සියලුම දෙනා දවා ගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත් වූවා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නුවනිදු ප්‍රනාන්දු සිය මංගල තරගයේදී ලකුණු 50ක් ලබාගැනීමට සමත් වූවා.
කුසල් මෙන්ඩිස් ලකුණු 34ක්ද දුනිත් වෙල්ලාලගේ ලකුණු 32ක්ද ලබාගැනීමට සමත් වූවා.
වනිදු හසරංගට ලබාගත හැකි වූයේ ලකුණු 21ක් පමණයි.
ලකුණු 20ක් ලබාගැනීමට ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සමත් වූවා.
සෙසු කිසිදු ක්‍රීඩකයෙකු ලකුණු 20 සීමාව පසුකර යාමට සමත් වූයේ නැහැ.
පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් මොහම්මඩ් සිරාජ් කඩුලු තුනක්ද කුල්දීප් යාදෙව් කඩුලු තුනක්ද උම්රන් මලික් කඩුලු දෙකක්ද අසාර් පටෙල් එක් කඩුල්ලක්ද දවා ගැනීමට සමත් වූවා.
ඒ අනුව තරගයේ 39 වන පන්දුවාරයේ 4 වැනි පන්දුවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම දෙනා දැවී ගියේ ලකුණු 215කටයි.
ඉන්දීය කණ්ඩායම තරගයෙන් ජය ගැනීම සඳහා පන්දුවාර පනහ තුළදී ලකුණු 216ක් ලබාගත යුතු වනවා.
තරගය පැවැත්වෙන්නේ ඉන්දියාවේ කොල්කටාහි ඊඩ්න් ගාඩන්ස් හිදී පැවැත්වෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311