මෙරටට පැමිණ සිටින එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ”ඒ” කණ්ඩායමේ තරඟ සඳහා කුසල් ජනිත් පෙරේරා ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙකු කැඳවා තිබෙනවා .
එළඹෙන නවසීලන්ත තරඟ සංචාරය සඳහා සූදානම් වීමක් වශයෙන් එම ක්‍රීඩකයින්ව ”ඒ ” කණ්ඩායමට කැඳවා ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ .
ඒ අනුව කුසල් ජනිත් පෙරේරා, පැතුම් නිස්සංක, චරිත් අසලංක, චාමික කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දුනිත් වෙල්ලාලගේ, සධීර සමරවික්‍රම, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුශාන්, නුවන් තුෂාර, කවිෂ්ක අන්ජුල, අවිශ්ක ප්‍රනාන්දු සහ දුෂ්මන්ත චමීර ව මෙලෙස අදාළ සංචිතය සදහා නම් කර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311