ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිවිටෙකත් එක්සත් ජාතික පක්ෂය සමග එක් නොවන බව එම පක්ෂයේ වැඩ බලන මහ ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා පවසනවා.
පක්ෂයේ සාමාජිකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදි ඔහු මේ බව සඳහන් කළා.
හිටපු සභාපති, වැඩ බලන සභාපති, වැඩ බලන මහ ලේකම්, ඇතුළු තනතුරු කිහිපයක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වාරණ නියෝග ක්‍රියාත්මක කර ඇති පසුබිමකයි මෙම සාකච්ඡාව පැවැත්වුණේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311