පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30 කින් වැඩි කළද, ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනය නොකිරීමට තීරණයක් ගෙන ඇති බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය පවසනවා.
නමුත් ඉන්ධන කෝටාව වැඩි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි එම සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර මහතා සඳහන් කළේ. මගියාගේ ආරක්ෂාව සහ ත්‍රිරෝද රථ කුලී රථ සේවාව වෙනුවෙන් එම තීරණය ගත් බවයි ඒ මහතා පවසන්නේ.
පෙට්‍රල් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ දැමීමෙන් පසු පාරිභෝගිකයන් අපහසුතාවයට පත්වන බවත්, ප්‍රවාහනය පහසු කර ගැනීම සඳහා ත්‍රිරෝද රථ භාවිතා කරන මගීන්ට එය සෘජුවම බලපාන බවත් ඔහු කියා සිටියා.
මේ අතර වාත්තීය ත්‍රීරෝද රථ සංගමයේ කැඳවුම්කරු එල්. රෝහණ පෙරේරා මහතා කියා සිටියේ මීටර භාවිත නොකර ත්‍රිරෝද රථ ධාවනයේ යෙදෙන පුද්ගලයින් තමන්ට අවශ්‍ය අයුරින් මගීන්ගෙන් මුදල් අය කරගන්නා බවයි.
එබැවින් හැකි සෑමවිටම මීටරය සහිත ත්‍රිරෝද රථයක් තම ගමන් පහසුව සඳහා යොදාගන්නයි ඒ මහතා මගී ජනතාවගෙන් ඉල්ලා සිටියා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311