කොළඹ තුරඟ තරග පිටිය ප්‍රදේශයේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අදාළ තරුණියගේ පෙම්වතා බව කියන තරුණයා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (18) නියම කළා.
කුරුඳුවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරු අද(18) සවස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාගේ නිල මැදිරිය වෙත ඉදිරිපත් කෙරුණා.
කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දුන්නා.
සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් වෛද්‍ය වාර්තා කිහිපයක්ද ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ මෙම සැකකරු 2018 මානසික ආබාධ තත්ත්වයකින් පෙලෙමින් සිට ඇති බැවින් ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳව ජාතික මානසික වෛද්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමුකර වාර්තාවක් කැඳවන ලෙසයි.
එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා සැකකරු ජාතික මානසික වෛද්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත වෙත යොමුකර වාර්තාවක් කැඳවීමට ද බන්ධනාගාර නිලධාරින්ට නියෝග කළා.
කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවියක වන අදාළ තරුණිය ඊයේ(17) දහවල් කොළඹ තුරඟ තරග පිටියේදී සිය පෙම්වතා විසින් ඝාතනය කෙරුණා.
අදාළ සිසුවිය සහ සිය පෙම්වතා අතර ඇතිව තිබූ මතභේදාත්මක කරුණු සාකච්ඡා කර ඔවුන් දෙදෙනා අතර ඇති ප්‍රේම සබඳතාවය නැවැත්වීමට ඊයේ(17) දිනය යොදාගෙන තිබෙනවා.
ඔවුන් දෙදෙනා ඒ සඳහා කොළඹ තුරඟ තරග පිටියට පැමින ඇති අතර එම අවස්ථාවේදී සිසුවා විසින් සිසුවියගේ ගෙල ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහරදී තිබෙනවා.
ඇය එම ස්ථානයේදීම මරණයට පත්වූ අතර සැකකාර සිසුවා වැල්ලම්පිටිය ප්‍රදේශයේදී පොලිසිය විසින් ඊයේ(17) පස්වරුවේම අත්අඩංගුවට ගනු ලැබුවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311