සීෂෙල්ස් රාජ්‍යයේ සිදුවූ විශාල පිපිරීමක් හේතුවෙන් එරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
සීෂෙල්ස් රාජ්‍යයේ ප්‍රධාන දූපතක පිහිටි කාර්මික ප්‍රදේශයක සිදුවූ දැවැන්ත පිපිරීමක් හේතුවෙන් මෙලෙස හදීසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
පිපිරීමට අමතරව එම රාජ්‍යයට පවතින අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්ත්වයක්ද හටගෙන තිබෙනවා.
මෙම දූපතේ කන්ටේනර හතරක තිබු පුපුරණ ද්‍රව්‍ය මෙලෙස පිපිරීමකට ලක්ව ඇති අතර, එයින් අවට පිහිටි නිවාස වලට මෙන්ම මාර්ගයටද දැඩි ලෙස හානි සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.
පිපිරීමෙන් ජීවිත හානි කිසිවක් සිදු නොවී ඇති අතර, එක් පුද්ගලයෙකු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311