සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ පෙළේ නිලධාරීන්ට සේවයට වාර්තා කිරීමේදී ඇගිලි සලකුණු සටහන් කිරීම අනිවාර්ය කර තිබෙනවා.
ඒ අනුව අගෝස්තු මස පළමුවනදා සිට සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය පරිපාලන සේවයේ නිලධාරීන් ඇතුළු සෙසු විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට සිය දෛනික පැමීණිම සහ පිටව යාම සටහන් කිරීම අනිවාර්ය වෙනවා.
සෞඛ්‍ය අමාත්‍යංශය ලිපියක් නිකුත් කරමින් මේ බව අදාළ පාර්ශව වෙත දැනුම් දී තිබෙනවා.
කෙසේ වෙතත් මෙම තීරණය වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාවට පටහැනි බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළා.
ඔහු පවසන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් රාජකාරී සදහා වාර්තා කිරීමේදි මෙතෙක් එවැනි ක්‍රමවේදයක් නොතිබු බවයි.
සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ගෙන ඇති මෙම තීරණය ප්‍රායෝගික නොවන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311