හක්කපටස් එකක් පුපුරා යෑමෙන් ඉංගිරිය, රයිගම්පුර ප්‍රදේශයේ කුඩා දරුවෙක් බරපතළ තුවාල ලබා හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇත.
මෙසේ බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කර ඇත්තේ 7 හැවිරිදි දරුවෙකි.
තවත් දරුවන් දෙදෙනෙකුට එම සිදුවීමෙන් සුළු තුවාල සිදුව ඇති බව වාර්තා වේ.
දරුවන් සෙල්ලම් කරමින් සිටිය දී ටයර් එකක් තුළ තිබී හක්කපටස් හමුව ඇති අතර, ඔවුන් එය තැලීමට යෑමේ දී පුපුරා ගොස් ඇතැයි වාර්තා වේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311