ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 23 වැනි තරඟයෙන් ලකුණු 2ක තියුණු ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 182ක් රැස් කළා.
එහිදී නිතීෂ් කුමාර් රෙඩ්ඩි පන්දු 37දී ලකුණු 64ක් රැස් කිරීමටයි සමත් වුණේ.
පන්දු යැවීමේදී අර්ශදීප් සිං ලකුණු 29ට කඩුළු 4ක් බිඳ හෙළුවා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පන්ජාබ් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුළු 06ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 180ක් පමණයි.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ෂශන්ක් සිං පන්දු 25දී නොදැවී ලකුණු 46ක් රැස් කළා.
පන්දු යැවීමේදී බුවනේෂ්වර් කුමාර් ලකුණු 32ට කඩුළු 2ක් බිඳ හෙළුවා.
උණුසුම් පුවත්
- මාලිමාවෙ කම්කරු දිනේට එන්න රු.100 ට ටිකට් එකක්-ඩයනා වටේටම නෙළයි (වීඩියෝ)
- කරඳගොල්ල නායයෑම් අවදානම ගැන ඇමති ප්‍රමිත කඩිනම් වාර්තාවක් කැඳවයි
- ආර්ථිකේ හදන විට වැඩියෙන්ම බැනුම් ඇහුවේ මුදල් අමාත්‍යංශයයි මහ බැංකුවයි-ඇමති ශෙහාන් (වීඩියෝ)
- සා/පෙළ අවසන් වූ වහාම සිසුන්ට උසස් පෙළ පන්ති
- මෙන්න අද කාලගුණය හරියටම (වීඩියෝ)
- රටේ ආර්ථිකයේ ඉදිරි ගමන් මඟ ජනතාව තීරණය කළ යුතුයි- ජනපති
- මැයි දිනයට ජනතාව රකින්න පොලිසියෙන් 6000 ක් (වීඩියෝ)
- මෙරට පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියට