ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ කච් දිස්ත්‍රික්කයේ පිහිටි ඩෝර්ඩෝ ගම්මානය හොඳම සංචාරක ගම්මානය ලෙස නම් කර තිබෙනවා.
ඒ, එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය විසින්.
තිරසාර සංචාරක ව්‍යාපාරය, සංස්කෘතික සංරක්ෂණය සහ ග්‍රාමීය සංවර්ධනය සඳහා දක්වා ඇති විශිෂ්ට දායකත්වය අගයමින් එම ගම්මානය හොඳම සංචාරක ගම්මානය ලෙස නම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
“හොඳම සංචාරක ගම්මානය” ලෙස ඉන්දියාවේ ඩෝර්ඩෝ ගම්මානය නම් කිරීම තුළින් කලාපයේ ආර්ථිකයට විශාල ශක්තියක් මෙන්ම තල්ලුවක් ලබාදෙන බව සදහන්.
එහි වාර්ෂිකව පවත්වනු ලබන රන් උත්සවය හේතුවෙන් මේවනවිටත් කලාපයේ ආර්ථිකය සැළකිය යුතු ලෙස ශක්තිමත් වී තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311