අයි.සී.සී. එක්දින ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වී තිබෙනවා.
ඒ, නවසීලන්තය සමඟ පැවති එක්දින තරඟාවලිය තුනට බිංදුවක් ලෙස පූර්ණ තරඟාවලි ජයක් වාර්තා කිරීමත් සමඟයි.
එහි දෙවන ස්ථානයේ එංගලන්තයත්, තුන්වන ස්ථානයේ ඕස්ට්‍රේලියාවත් පසුවනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීම්වල පසුවන්නේ 08 වන ස්ථානයේයි.
මේ අතර, එක්දින ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන දෙකක් ඉදිරියට පැමිණීමට ඉන්දීය පිතිකරු ෂුබ්මන් ගිල් මෙන්ම ඉන්දීය නායක රෝහිත් ෂර්මාද සමත්ව තිබෙනවා.
ගිල් එක්දින ශ්‍රේණිගත කිරීම්වල 06 වන ස්ථානය දක්වාත් රෝහිත් ෂර්මා 09 වන ස්ථානය දක්වාත් ඉදිරියට පැමිණ තිබුණා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311