නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ගාස්තු නීති අධ්‍යාපන සභාව විසින් ඉහළ නංවා තිබෙනවා.
ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇති අතර ඒ සඳහා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂගේ ද එකඟත්වය ලැබී ඇති බවයි එහි දැක්වෙන්නේ.
ඒ අනුව, රුපියල් 6,000ක්ව පැවති පොදු ප්‍රවේශ විභාග ගාස්තුව 9,000කින් ඉහළ නංවා ඇති අතර නව ගාස්තුව වන්නේ රුපියල් 15,000ක් බව සදහන්.
මේ අතර විදේශීය නීතිවේදී උපාධිය සහිත සිසුන්ට නීති විද්‍යාලයට ඇතුළත්වීමේ ගාස්තුව රුපියල් 75,000ක් වනවා.
ඊට අමතරව ප්‍රායෝගික පුහුණු පාඨමාලා ගාස්තුව, දේශන,පුස්තකාල ඇතුළු තවත් ගාස්තු රැසක් මෙමගින් ඉහළ නංවා තිබීම විශේෂත්වයක්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311