පොලිස් වෙස්ගත් පුද්ගලයින් තිදෙනෙක් විසින් නිවසක් කොල්ලකා තිබෙනවා.
මෙහිදී ඔවුන් නිවැසියන් බියගන්වා ඔවුන්ට පහරදී අදාළ දේපල කොල්ලකා ඇති බවයි වාර්තා වන්නේ.
කෑගල්ල ගලිගමුව ප්‍රදේශයේදී ඊයේ අලුරෑයම් කාලයේදී මෙම සිද්දිය සිදුව ඇති බව පොලිසිය පැවසුවා.
අදාළ සැකකරුවන් විසින් නිවැසියන් සතුව තිබු රන් ආභරණ විශාල ප්‍රමාණයක්, මුදලින් රුපියල් තුන්ලක්ෂ 55,000 ක් සහ ජංගම දුරකථනයක් ඇතුළු තවත් දේපළ කොල්ලකා තිබෙනවා.
කොල්ලකන ලද දේපළවල වටිනාකම රුපියල් ලක්ෂ 18කට අධික වන අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කෑගල්ල පොලීසිය විමර්ශන සිදු කරනු ලබනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311