14 වන ජාතික රණවිරු සැමරුම් දින උළෙල අද පස්වරුවේ බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම උළෙල පැවැත්වීමට නියමිතයි.
මෙහිදී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින් සමඟ පැවති 30 වසරක යුද්ධයේදී මාතෘ භූමියේ ඒකීයභාවය සහ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම උදෙසා දිවි පිදූ ත්‍රිවිධ හමුදාවේ, ශ්‍රී ලංකා පොලිසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වීරෝධාර රණවිරුවන් සිහිපත් කිරීම සිදු කරනු ලබනවා.
මේ අතර, පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපස අද පැවැත්වෙන මෙම උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා කියා සිටියේ අද පස්වරුවේ සිට ඒ අවට විශේෂ රථවාහන වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක වන බවයි.
ඊයේ පස්වරුවේ පොලිස් මුලස්ථානයේ කැදවා තිබු මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311