කඩවත, දවටගහවත්ත ප්‍රදේශයේදී ගිනි අවියකින් සිදු කළ වෙඩිතැබීමක් හේතුවෙන් පුද්ගලයෙකු රාගම රෝහලය ඇතුලත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ.
වෙඩි වැදී තුවාල ලැබූ පුද්ගලයාගේ වැඩිමහල් සහෝදරයෙකු, ඔහුගේ පුත්‍රයා සහ ඔවුන් සමගි ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉඩම් ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.
මෙහිදී වෙඩි තැබීමට භාවිතා කළ රයිෆල් වර්ගයේ ගිනි අවිය සහ ත්‍රීරෝද රථට සිය භාරයට ගත් බවයි පොලීසිය සදහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 56, 20 සහ 25 යන වයස්වල පසුවන ගනේමුල්ල සහ යක්කල යන ප්‍රදේශ වල පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311