මුල්‍ය ගැටළු හේතුවෙන් රජයේ මුද්‍රණාලය පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය සම්පුර්ණයෙන් නවතා දමා තිබෙනවා.
පළාත් පාලන මැතිවරණයේ මෙතෙක් සිදුකළ මුද්‍රණ කටයුතු වෙනුවෙන් වැයකර ඇති මුදල රැපියල් කෝටි 15කට අධිකයි.
එමෙන්ම මැතිවරණය වෙනුවෙන් මුද්‍රණ කටයුතු සදහා සේවයේ යෙදුණු මුද්‍රණාල සේවකයින්ගේ දීමනා ගෙවීමට මෙතෙක් මහා භාණ්ඩාගාරය මුදල් ලබා දී නොමැති බවයි වාර්තා වන්නේ.
ඒ වෙනුවෙන් රැපියල් කෝටි 4ක මුදලක් මුද්‍රණාලයට ගෙවීමට නියමිතයි.
මේ පිළිබදව රජයේ මුද්‍රණාලයේ අධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය මහා භාණ්ඩාගාරයෙන් විමසීමක් ද කර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311