පී.එස්.එම් . චාර්ල්ස් මහත්මිය අද (22) දිනයේ දී උතුරු පළාත් ආණ්ඩුකාර ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතව තිබෙනවා .
පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනුයි ඇයව මෙම ධුරය සදහා පත්කරනු ලැබුවේ .
උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ නිලධාරීන් විසින් අද දිනයේදී ඇයව පිළිගැනීම සදහා විශේෂ උත්සවයක්ද සංවිධානය කර තිබෙන බව වාර්තා වනවා .
මේ අනුව උතුරු පළාතේ ආණ්ඩුකාර ධූරයට පී.එස්.එම් චාර්ල්ස් මහත්මිය පත් වුයේ දෙවන වරටයි.
ඇය වවුනියාව, මඩකලපුව යන දිස්ත්‍රික්ක වල දිසාපති ධූරයද, ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂවරිය වශයෙන් සහ මැතිවරණ කොමිසමේද සේවය කළ නිලධාරිනියක් වනවා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311