පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයකදී කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවේ ලෝක වර්තාව අලුත් වී තිබෙනවා.
ඒ මෙවර බිග් බෑෂ් ලීග් තරඟාවලියේ පස්වන තරගය ලෙස ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමග පැවති තරගයේදී සිඩ්නි තන්ඩර් කණ්ඩායම ලකුණු 15කට දැවී යාමත් සමගින්.
පළමුව පන්දුවට පහරදුන් ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 139 ක් ලබාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ සිඩ්නි තන්ඩර් කණ්ඩායමට පන්දුවාර 5යි පන්දු 5 කදී තුළදී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 15ක් පමණයි.
මීට පෙර මෙම වාර්තාවට හිමිකම් ලබා තිබුනේ චෙක් ජනරජයේ කණ්ඩායම හමුවේ ලකුණු 21කට දැවී ගිය තුර්කි කණ්ඩායමයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311