කඩිනමින් සාකච්ඡාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් විශ්ව විද්‍යාල අචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ ක්‍රියාවලියට තම සාමාජිකයින් සහභාගි වන්නේ ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව බවයි එහි මාධ්‍ය ප්‍රකාශක චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසුවේ.
මේ අතර විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඉල්ලා ඇති බදු සහන ඉල්ලීමට විසදුම් ලබා දිය හැක්කේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සැසියෙන් අනතුරුව බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසනවා.
ජූලි සහ සැප්තැම්බර් මාසවලදී මෙම සැසි පැවැත්වන බව ඔහු පැවසුවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311