ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් සදහා වෙනත් බාහිර ආයතන යොදාගන්නා බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව සිනොපෙක් ෆුවල් ඔයිල් ලංකා සමාගම පවසනවා.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම මේ බව සදහන් කළා.
මෙරට තුළ ක්‍රියාත්මක ඉන්ධන පිරවුම්හල් හෝ එම ව්‍යාපාරය සදහා තුන්වන පාර්ශවයක් සම්බන්ධ කරගෙන නොමැති බවයි එම සමාගම ප්‍රකාශ කළේ.
එමෙන්ම සිය ඉන්ධන පිරවුම්හල් සේවා බලපත්‍ර අයිතිය වෙනත් කිසිදු පාර්ශවයකට පැවරීමට කටයුතු නොකරන බව ද සිනොපෙක් ෆවුල් ඔයිල් ලංකා සමාගම අවධාරණය කර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311