විදුලිබල මණ්ඩලයේ යෝජිත ප්‍රතිව්‍යුහවගත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
අමෙරිකා එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ආයතනයේ ආසියානු කලාපයේ නියෝජ්‍ය සහකාර පරිපාලක අන්ජලී කෞර් මහත්මිය සහ මෙරට එම ආයතනයේ නියෝජිතයින් සමග විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊට සහභාගී වූවා.
මෙම සාකච්ඡාවේදී විදුලිබල මණ්ඩලයේ යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සහ එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාගැනීම පිළිබඳ අවධානය යොමුව තිබෙනවා.
ඊට අමතරව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනමින් විදුලි ජනන පද්ධතියට එකතු කිරීමට අවශ්‍ය සහයෝගය ලබාගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු වූ බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311