2023 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහි පුහුණු තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජය ගත්තා.
දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හීදී මෙම තරගය පැවැත් වුණා.
තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 107 ක්.
හර්ෂිතා සමරවික්‍රම ලකුණු 16 ක් රැස් කළ අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ නිලක්ෂි ද සිල්වා ලකුණු 29ක් ලබා ගත්තා .
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී තිබියදීයි නියමිත ඉලක්කය පසු කළා.
හේයිලි මැතිව් ලකුණු 46 යි .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311