අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිටදී අද විරෝධතාවක් පැවැත්වුණා.අධ්‍යාපනවේදී උපාධිය සම්පූර්ණ කළ උපාධිධාරින් විසින් මෙම විරෝධතාව පවත්වනු ලැබුවා.
පෙර පොරොන්දු වූ පරිදි ජනවාරි මාසයේ මුල් සතිය වන විට තමන්ට ගුරු පත්වීම් නො ලැබුණු බව පවසමිනුයි ඔවුන් මෙම උද්ඝෝෂණය ආරම්බ කර තිබුනේ.
කෙසේ වෙතත් උද්ඝෝෂණය අතරතුර ඔවුන් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් අමාත්‍යවරයා ව හමු වී සාකච්ඡා කර ඇති බවයි වාර්තාවන්නේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311