හෝමාගම පිටිපන ප්‍රදේශයේ පැවති විරෝධතාවක් විසුරුවා හැරීමට පොලිසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.
ඒ හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අර්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය සංවිධය කර තිබු විරෝධතාව විසුරුවා හැරීමටයි.
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සියලු සිසුන්ට යළි විවෘත කරන ලෙස ඉල්ලා මෙම විරෝධතාව හා සත්‍යග්‍රහය සංවිධාන කර තිබුණා.
පිටිපන මංසන්ධියේ විරෝධතා පැවති අතර පොලිසිය එම ස්ථානයට පැමිණ සත්‍යග්‍රහයේ නිරත ශිෂ්‍ය භික්ෂුන්වහන්සේලා ඉවත් කිරීමට කටයුතු කිරීමත් සමග දෙපාර්ශවය අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311