මෙරටින් ඩෙංගු රෝගීන් 2,142 දෙනෙකු මෙම වසරේ පළමු සතිය තුළ හඳුනාගෙන තිබෙනවා .
එම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ පසුගිය 02 වනදා සිට 07 වනදා දක්වා කාලය තුළ බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.
අදාළ කාලය තුල ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 440ක් වාර්තා වී ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 433ක් වාර්තා වී තිබෙනවා.
මෙම දිස්ත්‍රික්කද ඇතුලත්ව දිස්ත්‍රික්ක 6 කින් 100 ය ඉක්මවූ ඩෙංගු රෝගීන් හදුනා ගැනීමද විශේෂත්වයක් .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311