ගල් අඟුරු නොමැති වීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදුවන බවට විවිධ පාර්ශ්ව සිදු කරන ප්‍රකාශ අසත්‍ය බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා .
මෙම වාරය වෙනුවෙන් අවශ්‍ය 30 වන ගල් අගුරු නෞකාව මේ වනවිට නොරොච්චෝලේ බලාගාරය වෙත රැගෙන එමින් පවතින බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සදහන් කලේ .
ඒ අනුව විදුලි උත්පාදනය සදහා අවශ්‍ය සියලුම ගල් අගුරු තොග මේ වන විට ලැබී ඇති බවද එම අමාත්‍යාංශය ප්‍රකාශ කළා .
මේ හේතුවෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක් ඇති කිරීමේ අවශ්‍යතාවයක් ඇති නොවනු ඇති බවයි එම අමාත්‍යාංශය වැඩි දුරටත් සදහන් කලේ .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311