ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින රට ලෙස චීනය අභිබවමින් ඉන්දියාව ඉදිරියට පැමිණ තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය අද නිකුත් කළ දත්ත වාර්තාවලට අනුව ඉන්දියාවේ ජනගහනය කෝටි දා හතර දහස් දෙසිය අසූ හයක් ලෙස සටහන් වී තිබෙන බව සදහන්.
එමෙන්ම චීනයේ ජනගහනය කෝටි දා හතර දහස් දෙසිය පනස් හතක් ලෙස දක්වා තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය 1950 වසරේදි රටවල ජනගහනය ලැයිස්තුගත කිරීම ආරම්භ කිරීමෙන් පසු ලොව වැඩිම ජනගහනයක් සිටින රට ලෙස ඉන්දියාව නම් කළ ප්‍රථම අවස්ථාව මෙය වනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311