එහිදී පළාත්පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ කටයුතු සාකච්ඡා කිරීම සිදු කෙරෙන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කළා .
ඒ අනුව අද දිනයේදී ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් ස්ථිර තීරණයකට පැමිනීමට නියමිත බවයි සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ .
මේ අතර පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අයවැයෙන් වෙන්කර ඇති මුදල් ප්‍රතිපාදන ලබා දෙන ලෙස ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටිනවා.
ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් රජයේ මැති ඇමතිවරුන් කර ඇති ප්‍රකාශ අධිකරණයේ ස්වාධීනත්වයට අනවශ්‍ය අතපෙවීමක් බවයි එහි දක්වා ඇත්තේ.
එමගින් රටේ ව්‍යවස්ථාව සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන ලෙසත් අධිකරණයේ ස්වාධීනත්වයට බාධා නොකරන ලෙස මෙන්ම රටවැසියන්ගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කරන ලෙසත් රජයෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311