මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමලත් අධිකරණ විනිසුරුවරයෙකුගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට පොදු ව්‍යපාර කමිටුව හෙවත් කොප් කමිටුව නිර්දේශයක් ඉදිරිපත් කර තිබෙනවා.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි මෙම නිර්දේශය ඉදිරිපත් කර ඇත්තේ.
එමෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක සභාවේ රැස්වීම් පැවැත්වීම පිළිබදවත්, අරමුදල් විධිමත් ලෙස වියදම් කර තිබේද යන්න පිළිබදවත් පසුගිය රැස්වීමේදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබූ අතර, එහිදී විශේෂයෙන් පාලක සභාවේ 209 වැන රැස්වීමේ වලංගුභාවය පිළිබඳව මෙම රැස්වීමේදී සාකච්ඡා කිරීමටද කමිටු සාමාජිකත්වය එකඟ වී තිබුණා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311