මොණරාගල කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර,වියළි ගංජා කිලෝ ග්‍රෑම් 15ක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ඊයේ රාත්‍රියේ මොහුගේ නිවස පරීක්ෂා කළ අවස්ථාවේ දී නිවසේ සිවිලිමේ සඟවා තිබියදී මෙම ගංජා තොගය සහ ලෝහ වර්ග සොයන ස්කෑනර් යන්ත්‍රයක් සොයාගත් බව වාර්තා වනවා .
පොලිස් අධිකාරිවරයා සමඟ ඔහුගේ රියදුරා සහ තවත් පුද්ගලයින් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් එහි පිටත්ව ගොස් ඇති බව සඳහන්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311