ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කළ, පෙබරවාරි මස 26 වැනි දිනට යෙදෙන බංග්ලාදේශයේ 53 වැනි ජාතික දින සමරු උත්සවය ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහා කොමසාරිස් තාරික් අරිෆුල් ඉස්ලාම් මහතාගේ ආරාධනයෙන් නිදහස් සමරු උත්සවය වෙනුවෙන් ජනාධිපතිතුමා ඇතුළු රජයේ සුබපැතුම් පිරිනමින් එහි ප්‍රධාන දේශනය සිදු කරන ලද්දේ ද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසිනි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා, ශ්‍රී ලංකාවේ විදේශීය තානාපතිවරුන් මහ කොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු ආරාධිතයින් විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311